fbpx
More

    2024 අයවැය හැදෙන හැටි – සුවිශේෂී යෝජනා සහිතව මෙවරත් අභියෝගාත්මක අයවැයක්…

    Must read

    2024 වසර සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීමේ වැඩකටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. සියළු යෝජනා සලකා බලමින් අයවැය සම්පාදනය කිරීම රජයේ අපේක්‍ෂාව වී තිබෙනවා.
    අයවැය යෝජනාවලියට අදාළව බොහෝ යෝජනා ලැබී ඇතැයිද රජය පවසනවා.

    පවතින තත්ත්වය හමුවේ ලබන වසර සඳහාද අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන බවයි රජය පවසන්නේ. රටේ ආර්ථිකය බංකොලොත් කියන තැනින් මිදී ධනාත්මක තත්ත්වයක් වෙත යාමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කරන අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුව ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යටියන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පෙන්වා දුන්නේ, තවමත් අසීරු යුගය අවසන් වී නැති බවයි. ඍණ ආර්ථිකයක් තියෙන යුගයක සිට ගමන ඇරඹූ බවද 2024 වසරේ ධන ආර්ථීකයක් සඳහා වූ උපකල්පන සහිතව වැඩ කිරීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා එහිදී පැවැසුවා. එබැවින් මේ වසරේදීත් අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයිද රටේ බංකොලොත් කියන තැනින් මිදී ධන තත්ත්වයකට යොමුවීමට පහසුකම් සැලසීම සඳහා සුවිශේෂී යෝජනා ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයිද ඔහු අවධාරණය කළා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව