fbpx
More

    කොළඹටත් මෙනින්ගොකොකල් ගොඩවෙයි – එක් රෝගියෙක් ජාතික රෝහලට – ආශ්‍රිතයින් 30 ක්…

    Must read

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්දමෙනින්ගොකොකල් හදුනාගෙන තිබෙනවා. ඔහු ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයක්. රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන ඔහු බොහෝ පිරිසක් ඇසුරු කර ඇති බවද ඔවුන් හඳුනාගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ පවසනවා.

    ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුවයි ඔහුට අදාළ බැක්ටීරියාව ආසාධනය වී ඇති බව හදුනාගෙන තිබෙන්නේ. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    මේ අතර ඔහු ඇසුරු කළ බව කියන සේවා ස්ථානයේ ආශ්‍රිතයන් තිස්දෙනකු පමණ පරීක්ෂා කිරීමටත්, ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමටත් මේ වන විට පියවර ගෙන තිබෙනවා.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව