සැප්තැම්බර් මස සිදු කිරීමට නියමිත මිල සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ ඇති බව තෙල් සංස්ථා තොරතුරු අනාවරණ කළා. ලෝක වෙළඳපොලේ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඊට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමෙනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවැසුවේ. පෙට්ට්‍රල් මිල අනිවාර්යෙන් ඉහළ දැමෙනු ඇතැයිද ඩීසල් ඇතුළු සෙසු ඉන්ධන මිල ගණන්ද යම් තරමකින් හෝ ඉහළ යාමේ තත්ත්වයක් මේ වන විට නිරීක්‍ෂණය වන බවද ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන මිල සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. මාසික සංශෝධනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන්නේ ලබන 31 දා බැවින් ඒ පිළිබඳ පැහැදිලි හා ස්ථිර තීරණයක් මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව එම ප්‍රකාශකයා පැවැසුවා.