හිස කෙස් හැලී යාම වැලැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත්වී තිබෙනවා. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය විසින්.
අකලට හිස කෙස් වැටීම නවතා දැමීමේ සහ හිස කෙස් නැවත වර්ධනය කිරීමේ හැකියාවෙන් සමන්විත මෙම සංයෝගය හඳුන්වාදී ඇත්තේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා විසින්. අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබුණා.
මහචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම සංයෝගය සියයට 90 ක් ප්‍රතිපල ගෙනදෙන බවයි. මහාචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම මීට ඉහතදී පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව සහිත ඖෂධයක් හඳුන්වාදීමට ද සමත් වුණා.