fbpx
More

    ආසියානු කුසලානයේ ටිකෙට් ජාවාරමක්…?

    Must read

    ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ මාලාවට අදාළව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ නැරඹීම සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමේදී බරපතල වංචාවක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණ වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ ගොඩනැගී ඇත්තේ උණුසුම් සංවාදයක්.

    බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය සඳහා වූ ප්‍රවේශපත් සියල්ල පළමු දිනයේදීම අළෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.කෙසේ වෙතත් එවැනි ආකාරයෙන් ප්‍රවේශපත් අළෙවි වී තිබුණේ නම් පල්ලෙකැලේ ක්‍රීඩාංගන්යේ පැවැති තරඟය නැරඹීම සඳහා ප්‍රේක්‍ෂක සහභාගීත්වය ඉතා අවම වූයේ ඇයිද යන්න සමාජ මාධ්‍ය තුළ සංවාදයට ලක්වන කාරණයයි.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍යකරුවන් අනාවරණ කරන කාරණයක් වන්නේ ප්‍රවේශපත් අළෙවිය අතරමැදියන් වෙත ලබාදෙමින් බපරතල ජාවාරමක් සිදුව ඇති බවයි. තෙවන පාර්ශවය වෙත සියළු ප්‍රවේශපත් ලබාදීමෙන් අනතුරුව සියළු ප්‍රවේශපත් අළෙවි වී ඇති බවට ක්‍රිකට් ආයතනය නිවේදනය කළ බවද එම වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් තෙවන පාර්ශව මඟින් ක්‍රීඩා ලෝලීන් ප්‍රවේශපත් මිල දී ගෙන නැතැයිද තෙවන පාර්ශවයක් මඟින් ප්‍රවේශපත් ලබාගැනීමේදී ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රවේශපත් අළෙවි වී නොමැති බවත් එම වාර්තා අනාවරණ කරනවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    මේ තත්ත්වය තුළ මතුවන සැකය වන්නේ ක්‍රිකට් ආයතනය හා තෙවන පාර්ශව එක්ව ප්‍රවේශපත්‍ර ජාවාරමක් සිදුකර ඇතිද යන්නයි.

    මේ අතර අද පැවැත්වෙන ඉන්දීය – පාකිස්ථාන තරඟයේ ප්‍රවේශපත්‍ර රු. 50,000 බැඟින් කටුනායක ගුවන්තොටුපළේදී අළෙවි කිරීමේ සූක්‍ෂම වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වී ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව