fbpx
More

    ලාංකික සම්භවයක් සහිත ‘ෂන්මුගරත්නම්’ සිංගප්පුරු ජනපති පදවියට…

    Must read

    ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි Tharman Shanmugaratnam මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඔහු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස 2011 සිට 2019 දක්වා කටයුතු කර තිබෙනවා.

    වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.

    සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඔහුගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත අයෙක්.

    මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද දරමින් කටයුතු කර ඇති ඔහු අත්දැකීම් සහිත පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර, සමස්ථ සිංගප්පූරු ජාතිකයින්ගේ සහය ඔහුට ඉදිරියටද හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව