fbpx
More

    සජිත්ට ජීවිත අනතුරක් ? ව්‍යාජ පුවතකින් සැක උපදියි…

    Must read

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමේ ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා. තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පැතිරවීම තුළ සිය ජීවිතයට තර්ජනයක් එල්ලවෙමින් පවතින්නේදැයි සැකයක් මතුවන බවද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළා.

    වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

    අපි සංවර්ධනය ගැන මුදල් හොයාගන්න ක්‍රමවේදය ගැන කලබල වෙන්න එපා. ඒක මගේ වගකීමක්. කවුරු මොන සමාජවාදය ගැන කතා කළත් ලංකාවේ මුදලින් පක්ෂය මොකද්ද කියන එක අද පෙරපාසල් දරුවා හිටන් දන්නවා. අපි ආයෝජනය කරන්න යන්නේ නෑ දූපත්වල. විදේශීය සමාගම්වල, ගජමිතුරන්ගේ ව්‍යාපාරවල. එහෙම ආයෝජනයක් කරන්නේ නෑ. අපි ආයෝජනය කරනවා මේ රටේ ගොවි ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    දැන් ළඟදි ඉඳලා රජයේ නියෝජිතයෝ කොට්ඨාසයක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අලුත් ප්‍රතිපත්තියක් මවා පානවා. රනිල් ජනාධිපතිකමට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නෑ කියලා. මෙහෙම කියන්නේ, මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ගෝඨාභය රාජපක්ෂ සමඟ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කරලා, මාව පරද්දන්න කටයුතු කරපු කට්ටිය. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මම ජීවතුන් අතර ඉන්න ඕනේ. සජිත් ඉල්ලන්නේ නෑ කියන්නේ ව්‍යංගාර්ථයෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ද කියලා මට හිතෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව