fbpx
More

    ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුවිශේෂී වාර්තාවක්…

    Must read

    එක්දින තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් පිට පිට අවස්ථා 12 කදී සියලු පිතිකරුවන් දවා ගනිමින් එම තරඟ ජයග්‍රණය කළ ලොව එකම කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා. විචාරකයින් පවසන්නේ මෙය ක්‍රිකට් ලෝකයේ සුවිශේෂී වාර්තාවක් වන බවයි.

    ආසියානු කුසලාන තරගාවලියේ ‘ඊ’ කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 2 න් පරාජයට පත්කරමින්. සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37 යි පන්දු1 කදී ලකුණු 292 ක් රැස් කරමින් තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

    එම ඉලක්කයට ළඟා වීම සඳහා අෆ්ගනිස්ථාන පිතිකරුවන් වේගවත් පිති හරඹයක නිරත වුවද ඉතා තියුණු සහ උද්වේගකර තරගයකින් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 2 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණේ ඇෆ්ගනිස්ථාන සියළු පිතිකරුවන් දවාගනිමින්.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව