ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා චීනයේ ශැංහයි නුවරදී චීන – ශ්‍රීලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් පැවත්වීමට පියවර ගෙන තිබුණා. මෙහිදි සෞඛ්‍ය හා ඖෂධ, සූර්ය බලශක්ති ව්‍යාපෘති, සුලං බලයෙන් විදුලිය නිපදවීම, ධීවර කර්මාන්ත සහ යටිතල පහසුකම් සදහා ආයෝජන ලබා ගැනීම සදහා සාකච්ඡා කර තිබුණා. මෙහිදී ඩොලර් මිලියන 100ක ආයෝජන සදහා කැමැත්ත පලකිරීමේ ලිපි අත්සන් තබා ඇති බවද මෙම චීන – ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන සමුළුවට චීන ව්‍යාපාරිකයින් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇති බවද රජය පවසනවා. මෙහිදී චීන ව්‍යාපාරිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.
මෙම සමුළුව සංවිධානය කර තිබුණේ චීන රජය වෙනුවෙන් ශැංහයි නුවර ව්‍යාපාරික ප්‍රවර්ධන කාර්‍යාලය විසින්. චීනය හා ශ්‍රී ලංකාව අතර ආගමික සංහිදියාව වෙනුවෙන් ශැංහයි නුවර බෞද්ධ විහාරස්ථානයක්ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිළුම් අමුණුගම විසින් විවෘත කිරීමට මෙහිදී පියවර ගෙන තිබෙනවා.