සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියද පාර්ලිමේන්තුව තුළ හෝ රටතුළ එවැනි වෙනසක් සිදුකිරීමට නොහැකි වූ බව මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී එම ප්‍රකාශය සිදුකරමින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද සභාවට දැනුම් දුන්නා.
සිස්ටම් චේන්ජ් එකක් කළ නොහැකි තැන, තමන් පුද්ගලිකව හෝ වෙනස් විය යුතු බවයි ඔහු කියා සිටියේ.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අනුරාධපුරයෙන් තරඟ කරමින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණියා.