රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ඉදිරියේදී තනතුරු අත්හැර ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. දේශපාලන තොරතුරු අනාවරණ කරන්නේ, කැබිනට් ඇමැතිවරුන්ගේ බාධා කිරීම් සහ ඔවුන්ට වැඩක් කිරීමට අවස්ථාවක් ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් ඔවුන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
මෙම ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරවා සමඟද සාකච්ඡා සිදුකළ ද නිසි ප්‍රතිපලයක් නොලැබුණු බව ද පවසන රාජ්‍ය ඇමැතිවරුන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාටද ඒ සම්බන්ධයෙන් කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පෙනී යන බවයි.
එබැවින් ජනතා මුදල් නාස්ති කරමින් තවදුරටත් නිකමුන් සේ බලා සිටීම වැදගත් නොවන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැතිධූරවලින් සහ ආණ්ඩුවෙන්ද ඉල්ලා අස්වී ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ.
මේ අතර පසුගියදා වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාද මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නේ විෂයභාර කැබිනට් ඇමැති නිමල් සිරිපාල මහතා තමන්ට කිසිදු වැඩක් කිරීමට අවස්ථාවක් නොදෙන බවයි.