Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

මොරොක්කෝවේ හදිසි තත්ත්වයක් – මරණ ගණන 1000 ඉක්මවයි…

උතුරු අප්‍රිකානු කලාපයට අයත් මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මිය ගිය ගණන 1000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ දහසකට ආසන්න පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපාංක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයක් ඇති වී තිබුණේ රාත්‍රී 11ට පමණයි.

ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටයි. එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද දැඩි හානි සිදුව තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. භූ කම්පනයේ සුන්බුන්වලින් අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී තිබෙනවා. තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙසද එරට රජය ජනතාවගෙන් ඉල්ලීම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පැවැසුවා.

මෙය වසර 120 ට පසුව උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles