fbpx
More

    අප්‍රිකානු zulu නායක බුලතෙසි මියයයි…

    Must read

    දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන ‘zulu’ දේශයේ ප්‍රධානියා වන එම්. බුලතෙසි (Mangosuthu Buthelezi) ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මිය යන විට බුලතෙසි 95 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය පැවැසුවේ. ජාතිවාදී වර්ණභේදවාදී පාලන සමයේදී, ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමින් ප්‍රබල දේශපාලනයක නිරත වුණා. 1990 දශකයේ මුල් භාගයේදී පක්ෂ දෙකේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් දහස් ගණනක් මරණයට පත්ව ඇති අතර, අනතුරුව දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරිමට ද ඔහු කැපවී තිබෙනවා.

    ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු අත්දැකීම් සහිත ප්‍රබල නායකයෙක්.

    මධ්‍යස්ථ මාවතක ගමන් කළ බුද්ධිමත් මෙන්ම මතභේදාත්මක තත්ත්වයන්ද ඇති කල නායකයෙක් ලෙසද ඔහු සැලකෙනවා. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධකවලට විරුද්ධ වූ නායකයෙකු වන අතර, බුලතෙසි පෙන්වා දෙන්නේ එමඟින් රටේ කළු ජාතික බහුතරයට අගතියක් වන බවයි.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    කෙසේ වෙතත් 95 වැනි උපන්දිනය සැමරීමෙන් සති දෙකකට පසුව අද අලුයම ඔහු මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව