අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි. ඒ අනුව හෙට සිට ජනතාවට ගැටළුවලින් තොරව දුම්රියේ සේවය ලබාගත හැකි බවද ඔහු පැවැසුවා.
මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් අනෙක් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.