Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

ජාතික පාරිභෝගික පෙරමුණ රජයට සහය දෙයි…

දුමිරිය අනතුරකින් සරසවි සිසුවෙකු මරණයට පත්වීම ඝාතනයක් බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මෙම ඝාතනයට වගකිව යුත්තන් වහාම අතඩන්ගුවට ගෙන මරණයට පත්වූ සරසවි සිසුවාට සාධාරණය ඉටුකිරීම රජයේ වගකීම වන බවයි.

මේ අවස්ථාවේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධණ මහතා සමඟ එකට කටයුතු කරන බවද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ගන්නා තීන්දු තීරණවලට පූර්ණ සහය ලබාදෙන බවද ඔහු මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කළා.

ලක්‍ෂ ගණනින් වැටුප් ගන්නා දුම්රිය රියදුරන් මෙලෙස වර්ජනය කිරීම සාධාරණ නැතැයිද කරුනාකර දරුවගෙ මරණය සම්බන්ධව දුම්රිය රියදුරන් අත් අඩන්ගුවට ගතයුතු බව අවධාරණය කර සිටින බවද අසේල සම්පත් මහතා පැවැසුවා. ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවද පැවැසූ සම්පත් මහතා පෙන්වා දුන්නේ, මෙතන බරපතල වරදක් සිදුව ඇති බවයි. එබැවින් වහාම වර්ජනය කළ දුම්රිය රියදුරන් ඇතුළු වගකිව යුතු සියළුදෙනා අත් අඩන්ගුවට ගත යුතු බවද ඊට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියා.

යුද හමුදාව යොදා ගනිමින් දුම්රිය ධාවනය කරවීමේ වැඩපිළිවෙලක් සම්පාදනය කළ යුතු බවටද යෝජනා කරන අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ, හමුදාවට කොච්චියක් අරන් යාම අපහසු රාජකාරියක් නොවන බවයි. ඒ වෙනුවෙන් ප්‍රවාහන ඇමැතිවරයා ගනුලබන තීන්දු තීරණ සමඟ එකට සිටින බවද ඔහු පැවැසුවා.

වහාම දුම්රිය පෞද්ගලික කරනය කල යුතුයි. ප්‍රවාහන ඇමැතිවරයා ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග වෙත එළඹිය යුතුයි. යනුවෙන්ද ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles