ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ පවතින ගැටලුව විසඳාගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට කණ්ඩායම දක්ෂතා අතර රැඳී සිටියද ආරම්භක පිතිකරු ගැටලුව විසඳා ගත යුතු බවයි. බ්‍රිතාන්‍ය නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණා.
ලෝක කුසලාන තරගාවලියට පෙර ඔවුන් සිය පිතිකරු ස්ථානය ස්ථාවරත්වය රඳවා ගැනීම ආරම්භක පිතිකරුවන්ගේ වගකීම වන බවද සාර්ථකව ලකුණු රැස් කර ගත යුතු ආකාරය මෙන්ම ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔවුන් තේරුම් ගත යුතු බවද ඔහු පෙන්වා දෙන කාරණයයි. වඩාත් තරඟකාරීව තමන්ගේ පිතිකරණය පවත්වා ගැනීමටද කටයුතු කළ යුතු බවයි කුමාර් සංගක්කාර වැඩිදුරටත් පවසා තිබෙන්නේ.