රජය ව්‍යාපාර කිරීමේ කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ නියාමන වගකීම පමණක් සිදුකරමින් ව්‍යාපාර ස්වාධීනත්වය ඇති කිරීමට රජය තීරණය කළ බවයි.
අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති පෞද්ගලික ක්ෂේත්‍රය මත පමණක් ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අභිලාශය වී තිබෙනවා.
ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරාවි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. අයි.එම්.එෆ්. පළමු සමාලෝචනය ඊයේ ආරම්භ කළා. එය සති දෙකක් වැනි දිගු කාලයක් පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මූල්‍ය කොමිසම සමග එළඹෙන 26 වනදා එහි අවසන් හමුව පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා. යනුවෙන්ද ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.