fbpx
More

    ආසියානු කුසලානය මෝඩි අගමැතිට දුන් උපන්දින තෑග්ගක්…?

    Must read

    ආසියානු කුසලානය, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ උපන්දිනය වෙනුවෙන් ලබාදුන් තෑග්ගක් දැයි සමඟි ජනබලවේගය ප්‍රශ්න කළා. තමන්ටද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පැවති බව පැවැසූ තිස්ස අත්තනායක මහතා පැවැසුවේ, සාමාන්‍ය ක්‍රිකට් තරගයක් නරඹනවා මෙන් ඒ පිළබඳ උද්යෝගයක් හා සතුටක් අත්විදීමට නොහැකි වූ බවයි.

    ප්‍රේක්ෂකයෙකු ලෙස මේ තරගයේ කඩුලු බිඳවැටීම පිළිබඳව තමන්ටද සැකයක් පවතින බවද ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලකුණු නොලබාම දැවී යාම සිදු නොවිය යුත්තක් බවක් බවද ඔහු අවධාරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානම් අවස්ථාවලදී ඉලක්ක හඹාගෙන ගොස් ජයග්‍රහණ හිමිකර ගත් අවස්ථා මතකයේ ඇතැයිද පැවැසූ අත්තනායක මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම හෝ පාකිස්ථාන කණ්ඩායම අවසන් තරගයට තරඟ කළේ නම්, මීට වඩා හොඳ තරඟයක් නැරඹීමට හැකියාව තිබුණා බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    ඊයේ පැවති තරගයේ දේශපාලන මුහුණුවරක් තිබුනාදැයි තමන් නොදන්නා බව පැවැසූ අත්තනායක මහතා ආසියානු කුසලානය ඊයේ ඉන්දියාවට හිමිවීම නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ උපන්දිනයට දුන් උපන්දින තෑග්ගදැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවද පැවැසුවා.

    මේ වනවිට ඉන්දියාව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ රාශියක් හිමිකර ගනිමින් සිටින බවත් ජී 20 සමුළුව ඉන්දියාවේ පැවැත්වීම වැනි අවස්ථාවක 2023 ආසියානු කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට ඉතාම වැදගත් බවද ඔහු කියා සිටියා. ඊයේ තරඟය ඉන්දියාවට නොමිලේම දුන් තරගයක් ලෙස දැනෙන බැවින්, මෙම තරඟය පරාජයවීම පිළිබඳ සොයා බැලිය යුතු යැයිද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව