සැප්තැම්බර් 27 දිනය රටට තීරණාත්මක දිනයක් බවට මත පළවෙමින් තිබෙනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ ණය හිමියන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් රට දැවැන්ත අර්බුදයකට අවතීර්ණ වන බවයි.
කොළඹ පැවැති සංවාදයකදී ඔහු මේ බව පැවැසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
රටේ තත්ත්වය ගත්තොත් මේ මාසේ හරි තීරණාත්මකයි .මේ මාසෙ දි අපි අපේ විදේශ ණය හිමියන් සමග එකඟතාවකට එන්න ඕන. එහෙම එකඟතාවකට එන්න බැරි උනොත් මූල්‍ය අරමුදලේ අනුමැතිය අපට ලැබෙන්නේ නෑ. මූල්‍ය අරමුදල හය මාසයකට පස්සේ ඇවිල්ලා දැන් මේ දවස්වල සම්මුඛ සාකච්ඡා කර ගෙන යනවා. මොකක්ද ප්‍රගතිය කියලා අහනවා.
මේ 27 වෙනිදා වෙන කොට ඒ එකඟතාව ඇති කර ගන්න ඕනේ. එකඟතාව ඇතිවුනේ නැත්නම් අපිට ඒක ලැබෙන්නේ නෑ ඊළඟ හය මාසේ. ඒ වගේම ලෝක බැංකුව දැන් ඔය අස්වැසුම් පොහොර ගේන්න, බෙහෙත් ගේන්න සල්ලි දෙනවා. ඒවත් ඔක්තෝබර් මාසෙන් පස්සේ නවතිනවා. ඒ අනුව මේ පිටින් පෙන්නන කාරණය නෙමෙයි ඉතාම වැදගත්. මේ මාසේ විසිහත් වෙනිදා වෙන කොට, මේ අපේ ණය හිමියෝත් එක්ක යම් එකඟතාවක් ඇති කර ගන්න. ඒ එකඟතාව ඇති කර ගන්න බැරි උනොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.
ඊළඟට එකඟතාව ඇති කර ගත්තොත් මොකද වෙන්නේ දැන් අපි ණය සතයක්වත් ගෙවන්නෙ නෑනේ. අපිට ණය ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔය ඉතුරු වෙලා තියෙන ඩොලර් ටික ආපහු ණය ගෙවීම හරහා ලබන අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් එළියට යනවා. හැබැයි ඒකෙන් යම් ස්ථාවරත්වයක් රටට ලැබෙනවා. මේකෙන් එවැනි ස්ථාවරත්වයක් ලැබෙන්නේ නෑ. එකඟතාවකට එන්න බැරි වුනොත්.