චැනල් 4 අනාවරණය සහ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිත ඉල්ලිමක් බාරදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණා. අද පොළොන්නරුවේ පැවති වැඩසහටනකින් අනතුරුව මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසූ අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, එය ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා සිය නිවසට පැමිණෙන බව දැනුම්දී ඇති බවයි.
ලබන සිකුරාදා උදේ දහයට ලියුම බාර දෙන්න යන්න හිටියේ. නමුත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා දන්වලා තියෙනවා ඒක බාර ගන්න මගේ නිවසට එනවයි කියලා. ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලලා තියනවා. ඒ වගේම බෝම්බ පුපුරන වෙලාවේ හිටපු ශ්‍රී ලංකාවේ ස්වීඩ්න් තානාපතිවරයා ඉල්ලලා තියෙනවා. ඒ වගේම ලංකාවේ සංවිධාන ගණනාවක් මෙහෙ එකෙන් ඉල්ලලා තියෙනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන කියලා. ඒ අනුව අපිත් බාර දීලා ඒ ගැන විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කළ යුතුයි කියලා මානව හිමිකම් කොමිෂන් සභාවට.
මෙම සතියේ චැනල් ෆෝ ගැන විවාදයේදී බොහොම තදින්ම කතා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවැසුවා.
චැනල් ෆෝ ගැන විවාදයක් තියෙනවා. ඒකෙත් මම බොහොම තදින්ම කතා කරන්නයි ඉන්නේ මේ දැන් අවුරුදු හතරක් මට වද දීලා වද දීලා දැන් තමයි මේවා එළි වේගෙන එන්නෙ. ඉතින් ඒක නිසා මම ඒ ගැන පාර්ලිමේන්තුවේ මේ සතියේ කතා කරනවා.