fbpx
More

    දසුන් ප්‍රමුඛ කණ්ඩායමට බනින්න එපා – තණ තිල්ල හදපු අය ගැනත් කතා කරමු…

    Must read

    ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් කණ්ඩායමට නොසෑහෙන්න බැන වදිමින් සිටින බවද එහෙත් එය සුදුසු තත්ත්වයක් නොවන බවද හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තරඟයේ තණතිල්ල හදපු පිරිස සම්බන්ධයෙන් කිසිවෙකු සාකච්ඡා නොකරන බවයි.

    රණතුංග මහතා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදී සරත් ජයසිංහ මහතා විසින් රචනා කරන ලද සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එකවෙමින්.

    ‘කවදාවත් ක්‍රීඩාපිටිය හදපු අයට මුදල් දීලා නෑ. මේ වගේ ගානක්. තරගයේ වීරයා වූ ක්‍රීඩකයාත් සල්ලි දුන්නා. මම නම් කැමතියි හොරකම් කරන්නැතුව මේ සල්ලි මේවගේ කාටහරි දෙනවනම්. නමුත් ‍ප්‍රශ්නය මම මාධ්‍ය වෙත යොමු කරනවා. කවුරුත් මේ ගැන කතා කළේ නෑ. ක්‍රීඩාවේ නීති වෙනස් කළා. කිසිම මාධ්‍යයක් කතා කළේ නැහැ ඒ ගැන. මාධ්‍ය තමයි ක්‍රීඩාව ගමට ගෙනියන්නේ. හැබැයි අද සමහරක් මාධ්‍ය තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන නිසා වැරදි කරන පුද්ගලයන්ව වහන්න මාධ්‍ය කටයුතු කළා. මේ රටේ ක්‍රීඩාව විනාශ කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්නේ මාධ්‍ය. ඇයි ඒ, මාධ්‍යයට ලැබෙන වාසි ප්‍රයෝජන නිසා. නැත්නම් මාධ්‍යයට ලැබෙන සල්ලි නිසා. අපි මාධ්‍යයෙන් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්නේ නැහැ. මට හරි සතුටු දවසක්. මොකද ක්‍රිකට් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙය මෝය කටින් පොල්ලෙල්ලක් ගියා විතරක් වෙන්න පුළුවන්. නමුත් වැරදි හා දූෂණ හොයන්න ඕනෑ. යනුවෙන්ද රණතුංග මහතා පැවැසුවා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව