ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිර යමින් ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක පැවසුවේ නීපා වෛරසයේ ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොමැති බවයි. ඒ සඳහා එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක්ද මේ දක්වා හඳුනාගෙන නැහැ.
නීපා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදේශයයි.
මේ අතර ‘නිපා’ වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද යන්න තවමත් නිසි ලෙස සමාජය දැනුවත්ව නැහැ. මේ දක්වා සිදුකර ඇති පර්යේෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය කරන ප්‍රධාන බලවේගය ‘වව්ලන්’ වන බවයි. වව්ලන් පළතුරු සොයා යාමේදී ඔවුන්ගේ ශ්‍රාවයන් ඒවායේ තැවැරෙන අතර, එම පළතුරු අත පත ගාන සහ ආහාරයට ගන්නා මිනිසුන්ට පසුව වෛරසය ආසාධනය වන බව මේ වන විට අනාවරණ වී ඇති කාරණයයි. මේ අතර ඌරන්ද මිනිසාට රෝගය සම්ප්‍රේෂණය කරන සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
රෝග ලක්‍ෂණ ලෙස උණ, හිසරදය, සිරුරේ වේදනා හා අපහසුතා ආදිය දැක්විය හැකියි. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ ආසාධිතයින් අතරින් 10 ට පමණ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වීමයි. එවැනි රෝගීන්ට රෝග ලක්‍ෂණ නොපෙන්වා දින කිහිපයකින් පසුව හුස්ම ගැනීමේ අපහසුතා හා ෆිට් එක වැනි තත්ත්වයන් ඇති වී අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකියි.
මෙම රෝගයට මේ දක්වා ප්‍රතිකාරයක් හදුනාගෙන නොතිබීම තවත් කාරණයක්. රෝගියෙකුගේ තවත් අයෙකුට ශ්‍රාවයන් මඟින් රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාද තවත් බරපතල කාරණයක්.
මේ අතර ඉන්දියාවෙන් ආරම්භ වූ ‘නීපා’ මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටද ව්‍යාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ මොළයේ ඉදිමීමක් දක්වා වූ බරපතල තත්ත්වයන් ඇති කරන රෝගයක් ලෙස ‘නිපා’ රෝග තත්ත්වය මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
මෙම වෛසරය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින්. එහෙත් 1999 වසරෙන් පසු මේ දක්වා මැලේසියාවෙන් හෝ වෙනත් රටකින් ‘නිපා’ ආසාධිතයින් වාර්තා වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ඉන්දියාවේ කේරළයෙන් ආසාදිතයන් පස් දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන්ට ද ffවරසය ආසාදනය වී ඇතැයි දැයි සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
‘නිපා’ මරණ දෙකක් මේ වන විට වාර්තා වී ඇති අතර, ‘නීපා’ ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.