fbpx
More

    වාහන තනි වෙයි – සෙසු සියළු ආනයන සීමා ඉවතට…

    Must read

    ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව පැවැසුවා.

    අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. අපි හිතනවා දැනට එච්එස්පී හෝට් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවත්වාගෙන යනවා. එතනින් අපිට ලබන මාසේ වෙද්දි වාහන සඳහා අදාළ එච්එස්පී හෝට් 270කට ආසන්න ප්‍රමාණය හැර අනෙක් සියලුම ආනයන සීමා අපට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ලබන මාසේ වෙද්දි නිදහස් වීම සිදු වේවි. ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙයි. මොකද දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා සීමා කරලා තියෙන හින්දා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළේ නැහැ. එතකොට මිල ඉහළ යෑමක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දා රජය ඉදිරියේ දී මේ විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළව කටයුතු කරනවා මිස ඒ අනවශ්‍ය මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් අපි බලාපොරෝත්තු වෙනවා සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් සියලු ව්‍යාපාරික ප්‍රජාවත් ගමන් කරයි කියලා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව