දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර, දුමිරිය ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු අනාවරණ වනවා. 19,000 ක් පමණ වන සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීමට හෝ දැනට පවතින ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි රජයේ ආරංචි පවසන්නේ.
ඒ අනුව රුපියල් 20 ක් ලෙස පවතින අවම ගාස්තුවේ සිට ගාස්තු ඉහළ දැමෙනු ඇති. එමෙන්ම දුම්රිය සඳාහා ආයෝජකයින් හඳුනාගැනීමේ කටයුතුද මේ වන විට සිදුවෙමින් පවතිනවා.