සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් බවට පත්ව සිටින බව අනාවරණ වී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අධ්‍යයනයකදීයී මෙම තොරතුරු අනාවරණයවී තිබෙන්නේ.
රජය ගත් අසීමිත ණය මෙම ණය බරට ප්‍රධාන හේතුවයි. ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය 2023 වසරේ අප්‍රේල් මාසය දක්වා රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් වන බවද එම අධ්‍යයනයේදී අනාවරණ වී තිබෙනවා.
එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසරේදී පැවතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක් ලෙසයි. මේ වසරේදී ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක් ලෙසද ගණනය කර තිබෙනවා. මේ වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක් වන බවයි මහාචාර්යවරුන් පෙන්වා දී තිබෙන්නේ.