ගාල්ල ඩික්සන් පාරේ ඊයේ පස්වරු 07.00ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරණයට පත්වූ බවට තොරතුරු වාර්තා වුණා. මේ වන විට අනාවරණ වී ඇත්තේ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇති පුද්ගලයා රාජ්‍ය ඇමැති ඩී.වී.චානකගේ මාමණ්ඩියක වන බවයි.
ඔහු ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙක්. ව්‍යාපාරික කටයුතු අවසන් කර මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණා.