fbpx
More

    ඇමැති මණ්ඩල සංශෝධනයක් – සෞඛ්‍ය ඇමැතිධුරයෙන් කෙහෙළිය ඉවතට…

    Must read

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය අනාවරණ කරනවා. ලබන 30 ට පෙර ඇමැතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා රඹුක්වැල්ල ඇමැතිවරයා වෙත මේ වන විටත් දැනුම්දී ඇතැයිද එම වාර්තාවල දැක්වෙනවා.

    ජනාධිපතිවරයා කියුබා සහ අමෙරිකානු සංචාරයන් නිමාකර මේ වන විට දිවයිනට පැමිණ අවසන්. ඒ අනුව මෙම සංශෝධන පිළිබඳ පුළුල්ව සාකච්ඡා කිරීමටද නියමිතයි.

    ඒ අනුව ලබන 30 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වුවහොත්, රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවද එම ආරංචි පෙන්වා දෙනවා.

    මේ අතර ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ඇමැතිකම ලබාගැනීමට රමේෂ් පතිරණ මහතා අකමැතිත පළකර ඇති බවයි. තමන් වැවිලි කර්මාන්ත ඇමැතිධුරයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    එමෙන්ම අයවැයට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට ද තීරණය වී ඇති බවද අයවැය ඉලක්ක කරමින් අදාළ සංශෝධන සිදුකිරීමට සැලසුම් කර ඇති බවද එම ආරංචි අනාවරණ කරනවා.

    එම සංශෝධනයේදී ජනාධිපතිවරයා සමඟ විදෙස් සංචාරයට එක්වූ පිරිසකටද ඇමැතිධුර ලබාදීමට නියමිත බවයි එම තොරතුරු වැඩිදුරටත් අනාවරණ කරන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව