fbpx
More

    ජනපති ආවා විතරයි – දේශපාලන පිටියේ ලොකු කළබලයක්…

    Must read

    කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමත් සමඟ දේශපාලන කරළියේ තවත් කළබලයක් ඇති වී තිබෙනවා. ඇමති තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පිරිස, කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරනු ඇතැයි යන විශ්වාසය මත මහත් සේ කළබලයට පත්වීම මෙම තත්ත්වයට හේතුවයි. ඔවුන් මේ වන විට විවිධ පුද්ගලයින්ට දුරකත ඇමැතුම් ලබාදෙමින් ඇමැති තනතුරු ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි දේශපාලන තොරතුරු අනාවරණ කරන්නේ.

    මේ අතර ඇමැතිධුර අහිමි විය හැක බවට විශ්වාසයක් ඇතිවී ඇති අමැතිවරුන්ද සිය තනතුරු ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද එම ආරංචි අනාවරණ කළා.

    ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණා. අනතුරුව අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අද නැවතත් දිවයිනට පැමිණියා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව