fbpx
More

    ඇමැරිකා ගිහින් අද ආපු ජනපති ආයෙත් රට යයි…

    Must read

    ඇමැරිකානු සංචාරය අවසන් කර අද දිවයිනට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා නැවත දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

    ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිතයි. එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට නියමිතව ඇත්තේද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටයි.

    වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙළේ සංවාදයක් ලෙස මෙම සමුළුව හැඳින්විය හැකියි.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව