2023 වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් 48 කු මරණයට පත්ව තිබෙනවා. මේ දක්වා කාලය තුළ සිදුව ඇති වෙඩි තැබීම් ගණන 75 ක්. මරණයට පත්වූවන් අතර 6 හැවිරිදි දැරියකද සිටින බව පොලිසිය පවසනවා. එම වෙඩි තැබීම්වලට ලක්ව තවත් 34 දෙනකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
දකුණ පලාතේ සිදුවූ වෙඩි තැබීම්වලින් වැඩිම පිරිසක් මරණයට පත්ව ඇති අතර, බස්නාහිර පළාතින් දෙවන මරණ සංඛ්‍යාව වාර්තා වනවා.