රට බංකොලොත් කළ අයම අද භාණ්ඩාගාර ලේකම්වරයාට තර්ජනය කරමින් සිටින තත්ත්වයක් නිරීක්ෂණය වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවැසුවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන මහත්මයා කිව්වයි කියලා පුවත්පත වාර්තා කරලා තියෙනවා මරණ තර්ජන තියෙනවා කියලා. මරණ තර්ජනය කවුරු නිසා ද ඇවිල්ලා තියෙන්නේ? ඒ ආර්ථික අර්බුදය සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පත් කරලා තියෙන කමිටුවේ සාක්කි දීපු හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහත්තයා. ඒ වගේ ම වජිර අබේවර්ධන මහත්තයා එහෙම කියපු දේවල් නිසා එයාට මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා. එයාට ආරක්ෂාව දෙන්නෙයි කියලා. ඒ වැරැද්ද කළේ රට බංකොලොත් කළේ මේ නන්දලාල් වීරසිංහයි, සිරිවර්ධනයි කියලා දැන් රටේ මතයක් හදන්න යනවා. මං බොහොම පැහැදිලිව කියනවා මේ රට බංකොලොත් කිරීම සඳහා වගකිවයුතු අය ඉන්නවා. ඒ වගකිවයුතු අතර ඉස්සරහින්ම ඉන්නවා අජිත් නිවාඩ් කබ්රාල්. ඔහු ඔහු ණය අධික පොලියට ගන්න මහින්ද රාජපක්ෂට ලණු දීපු කෙනෙක්. ඒ වගේම ඒ ණය වැරදි ආයෝජන කරලා ගෙවා ගන්න බැරි තැනට පත් කරපු කෙනෙක්. අද ලංකාවට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා ඇමරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුවක්. ඒ ණය ආපසු ගෙවීමේදිත් ඔවුන් යම් කප්පමක් ගත්තයි කියලා දැන් සැක පහළ වෙලා තියෙනවා. ඒ නිසා ණය ගන්න වෙලාවේ ණය වියදම් කරන වෙලාවේ, ණය ආපහු ගෙවන වෙලාවේ තුන් පාරම හොරකම් කරපු තක්කඩි රැලක් දැන් කියනවා මේ මෙන්න මේගොල්ලෝ වගකියන්න ඕනේ කියලා. ඒගොල්ලොත් යම් ප්‍රමාණවලට වග කියන්න ඕන. ඒගොල්ලොත් ඔය මහ බැංකුවේ හිටපු නිලධාරීන්.
මේ රට යම් නිශ්චිත වගකීමක් දීලා නීත්‍යානුකූලව මේ මහ බැංකුවට මේ බලය දීලා තියෙන්නේ. මුදල් මණ්ඩලයට මේ බලය දීලා තියෙන්නේ මේ බංකොලොත් නොවී පවත්වගෙන යන්න. ඒකට මොනිටරි ලෝ කියලා පනතක් තියෙනවා. ඒ පනතට අනුව කරන්න ඕන. ඒ පනතට අනුව කරලා නෑ.
පාස්කු ප්‍රහාරය හා සමානව ම අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබිය දී ඒ සම්බන්ධව ගෝඨාභය, මහින්ද ඇතුළු රට බංකොලොත් කළ චෞර රැළ විසින් නොසළකා හැරි බව ද රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලල මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට සිටිද්දී අනතුරු ඇඟවීමක් කළා 2020.03.04. මොකක්ද කිව්වේ? ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. ධනපතියන්ට බදු සහන දෙන්න අර වියත් මගේ හිටපු කෑදර, වසල ධනපතියන්ට බදු සහන දෙන්න කටයුතු කරපු එක වැරදියි. ඒ වැරැද්ද නිසා රට බංකොලොත් වෙන්න යනවාය. ඒ ගැන ක්‍රියා කරන්නෙයි කියලා රහසිගත ලියුමක් භාර දුන්නා. ඒ ලියුම ගැන නොතකා හැරලා සිංහයෝ වගේ කිව්වා. මූල්‍ය අරමුදල නැතුව අපිට යන්න පුළුවන් කිය කිය පාරම් බබා ගියා.
අන්තිමට වලේ වැටෙනකන් දන්නේ නැහැ. හැබැයි අපි දැනන් හිටියා මේක. අපි මේ අනතුරු ඇඟවීම එක දිගට කිව්වා. අද කවුද මේකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ? අද මේ රට මෙතෙන්ට පත්කරපු, ඒ ජාවාරම් දේශපාලකයෝවත් ඒ ජාවාරම්කාර නිලධාරී පැලැන්තියවත්, ඒ ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියවත් අද මේවට වන්දි ගෙවනවාද? නැහැ. අද මේවට වන්දි ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි. අන්න ඒ නිසා තමයි අපි මේ ජනරජ පෙරමුණ කියන්නේ ආර්ථික යුක්තිය මුලින් ඉටු වෙන්න ඕනා.
අවුරුදු දෙකක් වෙනවා. අද මේ වෙනකන් සීනි බදු වංචාව අය කරගන්න අර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටවත් මුදල් අමාත්‍යාංශයටවත් බැරිවෙලා තියෙනවා. හැබැයි දොස්තරට බදු ගහනවා. ඉංජිනේරුවාට බදු ගහනවා. නීතිඥයාට බදු ගහනවා. පරිපාලන නිලධාරියාට බදු ගහනවා. උඹලා බදුත් එක්කම හිටපල්ලායි කියලා ඒ මිනිස්සු රට යනවා. මොකද වෙන්නේ? ඉස්පිරිතාලේ විශේෂඥ වෛද්‍යවරයා නෑ. දරුවෝ මැරෙනවා. හෙද හෙදියෝ නෑ. වැඩිහිටියන්ට අපහසුතා එනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ ගියහමල විදුලිබල මණ්ඩලය කොරගන්න විදිහක් නෑ. පිටරටින් ගේන්න වෙනවා. ගුවන් යානාවල ඉන්න නියමුවෝ හැටක් මේ වෙනකොට රට දාලා ගිහිල්ලා තියෙනවා. ගුවන් යානා බිමට පාත්වෙලා තියෙනවා. මේ වගේ රට යටින් නාය යනවා. ධන කුවේරයගෙන් බද්ද අය කර ගන් නැතුව මේ අමාරුවෙන් ගොඩනැගිච්ච විශේෂඥයින්ට අතිරේක බදු ගහපු නිසා මේක වෙනවාග බදු අය කරන්න ඕනේ ඒගොල්ලන්ගෙන්. හැබැයි යුක්ති සහගත වෙන්න ඕනේ ඒ බදු. අපි මේක වෙනස් කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තියෙනවා. අර සීනි ජාවාරම්කාරයින්ට බදු නැත්තේ ඇයි? අරක්කු ජාවාරම්කාරයෝ බදු ගෙවලා නැහැ. කෝටි හයසිය හැටක්. ඇයි නැත්තේ? මම ඇහුවම මේගොල්ලන්ගෙන් බදු අයකරගන්නේ නැත්තේ මොකද කියලා. සමාගම් දෙකක් ගැන තොරතුරු නැහැල්ලු. මරු වැඩේ නේද.? අරක්කුත් විකුණලා, සල්ලිත් හම්බු කරලා, බදු කොල්ලකුත් තියලා කෝටි 140 ක. කොම්පැණි දෙක හොයාගන්නේ නැහැලු. දොස්තරට. ඉංජිනේරුවට බදු ගගහා රට වට්ටන්න දන්නවා. හැමතැනකම වංචාව.