දරුවන් තිදෙනෙකු ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා. සිය විවාහයන් දෙකක දරුවන් මෙලෙස මරා දමා ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.
එක් දැරියකගේ සිරුරක් හමුවී ඇත්තේ මුළුතැන්ගෙය තුළ වළදමා තිබියදීයී.
මෙම පුද්ගලයා කාන්තාවන් සිව් දෙනෙකු සමඟ විවාහ වී ඇතැයිද වත්මන් බිරිද සහ මීට පෙර සිටි බිරිඳ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද එරට වාර්තා පැවැසුවා.