පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හතරක් ඇති කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා අනුමැතිය ලබාදී ඇති බවයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළ යුත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් බැහැරව බවද ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් මේ බව අනාවරණ කර තිබුණා.