fbpx
More

    පලස්තීන ජනපති දැඩි ස්ථාවරයක – භූමිය හැර නොයන බව කියයි….

    Must read

    කුමන තත්ත්වයේ අභියෝග පැමිණිය ද සිය භූමියෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අවධාරණය කර තිබෙනවා. ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී පැවැත්වෙන සමුළුවට සහභාගී වෙමින් පලස්තීන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබුණා. එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ, නැවත පදිංචි කිරීම් සිදුකරන බව පවසමින් එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම කිසිවිටෙකත් පිළිනොගන්නා බවයි.

    සාම සමුළුවක් ලෙස හඳුන්වමින් පැවැත්වෙන එම සමුළුව සඳහා ජෝර්දානය, කටාර්, ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවල නියෝජිතයින් සහභාගී වී සිටිනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලයලය, අමෙරිකාව සහ ඉරානය ඊට සහභාගී වන්නේ නැහැ.

    එම සමුළුවේ දී අදහස් දක්වමින් ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගෝලීය නිශ්ශබ්දතාවක් පැවැතීම පිළිබඳ කණගාටු වන බවයි. පලස්තීනයේ ජීවිත, ඊශ්‍රායල ජීවිත තරමට වැදගත් නොවන බවට එමගින් අරාබි ලෝකයට පණිවුඩයක් ලබාදෙන ආකාරයක් නිරීක්‍ෂණය වන බවයි ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර තිබෙන්නේ.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව