fbpx
More

    නැදුන්ගමුවේ ඇත් රජු ජීවමානය දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වෙයි ද ?

    Must read

    නැදුම්ගමුවේ විජය රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබෙනවාග ඒ සඳහා නිසි ස්ථානයක් මේ දක්වා තෝරා ගැනීමට අසමත්වීම තුළ මෙම අනාරක්ෂිත තත්ත්වය ඇති වී’ තිබෙන බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ. සංරක්ෂණ කටයුතු තවදුරටත් ප්‍රමාදවීම තුළ හස්තියාගේ චර්ම කොටස් නරක්වීමේ වැඩි ඉඩක් පවතින බවද එම කාර්යාලය පෙන්වාදී තිබෙනවා.

    2022 වසරේ මාර්තු මත 7 වැනි දින මරණට පත්වූ මෙම හස්තියාගේ සිරුර සංරක්‍ෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව ලක්ෂ 18 ට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා.

    හස්තියාගේ චර්මය මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අධිශීතකරණයක තැන්පත් කර ඇතැයිද එම වාර්තාවේ දැක්වෙනවා.

    කෙසේ වෙතත් කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී ඇති ගොඩනැගිල්ලක් තෝරාගෙන ඇති බවයි. එහෙත් එම ආයතනයට මේ දක්වා ඉවත් කර නොගැනීම හේතුවෙන් සංරක්‍ෂණ කටයුතු ප්‍රමාද වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව