මැතිවරණ නිසි වේලාවට පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම්, දැවැන්ත අරගලයකට පණ දීමට සූදානම් බව සමාජවාදී තරුණ සංගමය පවසනවා. තරුණයන් 150,000 න් සමන්විත බලඇණියක් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් බිහිකර ඇති බවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරිම වෙනුවෙන් තරුණ ප්‍රජාව උපරිම දායකත්වය ලබාදෙමින් සිටින බවද එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසනවා.
රට තුළ පවතින තත්වය හමුවේ ආණ්ඩුව පන්නා දැමීමට ඉදිරියේ දී දස දහස් සංඛ්‍යාත ජනතාව මහ පාරේ අරගල කිරීමට සූදානම් බවද පවසන ගුණසේකර මහතා අවධාරණය කර සිටින්නේ, යම් හෙයකින් මැතිවරණ කල් දැමීමට හෝ මැතිවරණ අතුරුදහන් කිරීමට කටයුතු කළහොත්, අරගලයක් තුළින් සියල්ල වෙනස් කිරීමට සූදානම් බවයි.
රටේ තරුණ පරපුර ආර්ථික, සමාජීය, දේශපාලන පරිවර්තනයක් උදෙසා සටන් සටන් වැදීමට සූදානමින් සිටින බවද ඉදිරි මැතිවරණවලදී නියත වශයෙන්ම එම වෙනස සිදුවන බවද ඔහු අවධාරණය කර තිබෙනවා.