fbpx
More

    බහිරවයන්ට යන්න කියයි – වංකඩේ පිටියේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඇවිලෙයි…

    Must read

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302 න් පරාජය වූ අතර, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 55කට සීමා වුණා.

    ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන එයයි. ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

    එමෙන්ම සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ බහිරවයන් සේ නොසිට ඉල්ලා අස්වන ලෙසද එසේ නොවන්නේ නම්, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් පරිපාලනයට අවධාරණය කර තිබෙනවා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව