රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුප ඉහළ දමන බව මේ වන විටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර අවසන්. ඒ අනුව කොතරම් ප්‍රමාණයකින් වැටුප් ඉහළ දමන්නේ ද යන්න පිළිබඳ මේ වන විට සංවාදය නිර්මාණය වී තිබෙනවා.
රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 12,000 – 15,000 ත් අතර මුදලකින් ඉහළ දැමෙනු ඇති බව රජයේ ආරංචි පවසනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී රජයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව තමාගේ ද පිළිගැනීම වන බවයි.
එමෙන්ම එම වැටුප සාධාරණ මුදලකින් වැඩි විය යුතු බවද අවමය 12500 න් ඉහළ දැමෙනු ඇති බවට මේ වන විට තමන්ට ද දැනගන්නට ලැබී ඇති බවද එම ප්‍රකාශකයා පැවැසුවා.
කෙසේ වෙතත් සත්‍ය මුදල දන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.