fbpx
More

    ‘ඉන්දියාවට වෙනස් පන්දුවක්’ – පැත්තක් දිලිසෙනවා – අනෙක් පැත්ත රළුයි – ලෝක කුසලානය උඩු යටිකුරු කරන ආන්දෝලනාත්මක අනාවරණක්…

    Must read

    ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවාදැයි බරපතල සැකයක් මතුවන බව පාකිස්ථාන හිටපු ක්‍රීඩක හසන් රාසා අවධාරණය කර තිබෙනවා. ආන්දෝලනයක් ඇති කළ හැකි තරමේ ප්‍රකාශයක් ලෙසයි රාසාගේ අනාවරණය සැලිකය හැකි වන්නේ.

    ඉන්දියාව හමුවේ ලංකාව ලකුණු 55 කට දැවී යාම පිළිබඳ අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාසා මේ බව පවසා තිබෙනවා. මෙවර ලෝක කුසලානයේදී අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට හැකි වී ඇතැයි ද වෙනස් පන්දුවක් ලබා දීමෙන් එම තත්ත්වය උදාකර ඇතැයි සැක මතුවන බවද ඔහු පෙන්වාදී ඇති කාරණයයි.

    ‘මොහොමඩ් ෂාමි’ සහ ‘මොහොමඩ් සිරාජ්ගේ’ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායා නිටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළු බව පවසන රාසා, එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසන බව ද පෙන්වා දෙනවා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    එහෙත් මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැද දී වෙනසක් සිදුවන තත්ත්වයක් තමන්ට නිරීක්ෂණය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන බව ද එමගින් ඔවුන්ට අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙ න බව ද පෙන්වා දෙන හසන් රාසා අවධාරණය කර සිටින්නේ, මෙම අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වන බවයි.

    පන්දු ලබා දෙන්නේ අයි.සී.සී විනිසුරු මඩුල්ල වුවද ඒ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව