fbpx
More

    ලංකාවේ ක්‍රිකට් දූෂිතයින්ට ICC රැකවරණය – ක්‍රීඩා ඇමැතිගෙනුත් ICC ට දැඩි චෝදනා…

    Must read

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන විගණන වාර්තාවල පිටපත් ද සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් සාමාජික රටවල් දැනුම්වත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ ඒ රටවල් වෙත වෙන වෙනම ලිපි යොමු කරමින් මෙම දැනුම්වත් කිරිම සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත ආයතනයක් බවට චෝදනා කරන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති බලතල අනුව ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට ඇති අයිතියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බාධා කරමින් සිටින බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරට ක්‍රිකට් අර්බුදයට විසදුම් ඉල්ලීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකට සමාන බවද ඇමැතිවරයා පවසනවා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    එවැනි තත්ත්වයක් තුළ කුමක් හෝ කිරීමේ අපේක්‍ෂාවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් පවතින තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමටයි ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගෙන තිබෙන්නේ.

    ඇමැතිවරයා මේ පිළිබඳ විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව