fbpx
More

    අනුර බණ්ඩාරනායකගේ අවසන් ඉල්ලීම…

    Must read

    අනුර බණ්ඩාරනායක මහතා රෝගාතුරව අසාධ්‍යව සිටි අවස්ථාවේ සිදුකළ අවසන් ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්වමිය අනාවරණයක් සිදුකළා.

    ඇය එම කාරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි,

    “මට මතකයි අක්කයි මමයි රෝහලේ ඇද ළඟ ඉඳගෙන ඔහු එක්ක කතා කළා. ඒ වන විට අපට වෛද්‍යවරු කියලා තිබ්බේ ඔහු වැඩි දවසක් ජීවත් වෙන්නේ නැ කියලා. අපි ඒක මල්ලිට කියන්නෙ නැතුව ඇහුවා දැන් ඔයාට තියෙන අසනීපෙ හැටියට වැඩිය මහන්සි වෙන්න හම්බෙන්නේ නෑ, ඒ නිසා වැඩියෙන්ම ඔයා කරන්න කැමති ⁣මොකක් ද කියලා. ඔහු වැඩිවෙලාවක් හිතන්නෙ නැතුව ගත්කටටම කිව්වේ, ,මගේ වත්කම්වලින් පුළුවන් තරම් නැති බැරි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න වියදම් කරන්න කියලා”

    ඒ ඉල්ලීම අනුව අනුර බණ්ඩාරනායක පදනම හරහා ශිෂ්‍යත්ව වැඩසටහන් ආරම්භ කළ බව කුමාරතුංග මහත්මිය පැවැසුවා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    සත්‍යය සහ සාධාරණත්වය සඳහා වූ අනුර බණ්ඩාරානයක පදනම මගින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සංවිධානය කරනු ලබන අ.පො.ස උසස් පෙළ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා (04) හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේ ඇය මේ බව පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව