ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ විවාදය අද පැවැත්වීමට නියමිතයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන අදාළ යෝජනාව අද පෙරවරු පිළිබඳ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පස්වරු 5.30 ටයි.
අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ආණ්ඩු පක්ෂය විසින් එය ස්ථීර කිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයක්.
