fbpx
More

    ක්‍රිකට් පාලකයින්, ඩොලර් මිලියන 2 ක් කොල්ල කෑමට යයි – ක්‍රීඩා ඇමැති හෙළි කරයි – විපක්‍ෂ නායකත් දැඩි ස්ථාවරයක…

    Must read

    ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2 ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද උදෑසන පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

    ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව හෙළි කළ අතර, එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂ භේද කුමක් වුවත් හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරයා හා සාකච්ඡා කර මෙම ගනුදෙණු සියල්ල තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

    මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල මුදල් මෙන්ම රට සතු වත්කම් බැවින් ජනාධිපතිවරයාට කතා කර එම කටයුතු අත්හිටුවන ලෙසත් මෙය බරපතල සිදුවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

    එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රීඩා ඇමතිධුරයේ දිගටම තැබිය යුතු බවත් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර එය සම්මත කරන බවත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව