රටේ දූෂණය නැති කර දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බවට විශ්වාසය තැබිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවධාරණය කලා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ප්රශ්නයේදී වුවද ජනතාවගේ පැත්ත ගැනීම ජනාධිපතිවරයා අසමත් වී ඇති බවයි. පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළා.
රනිල් වික්‍රමසිංහ මහතා දූෂිත කණ්ඩායමක දායකත්වයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම ඊට ප්‍රධාන හේතුව වන බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම ක්‍රිකට් ගැන මුලින්ම කතා කළේ තමන් විසින් බවත් මේ මොහොතේ ක්‍රීඩා ඇමතිවරයාව කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා ඉවත් කර සිදුකළේ පණිවිඩකරුවාට වෙඩි තැබීමක් බවත් ඔහු සඳහන් කළා. රටට දැක්මක් සහිත නායකයෙක් පත්නොවුණු බවද කියා සිටි රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙන්නේ, නායකයින් ලෙස පැමිණි සියළු දෙනා හොරු වන තහවුරු වී ඇති බවයි.