Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

වසරකට ලාදුරු රෝගීන් 2000 ක් – දරුවන් අනාරක්‍ෂිතයි…

දරුවන් අතර, ලාදුරු රෝගය තුරන් කිරීමට නම් දරුවන් සහිත පවුල්වල ලාදුරු රෝගී වැඩිහිටියන් නැති බව තහවුරු කර කර ගැනීමට සිදුවන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දෙන්නේ, දරුවන් අතර ලාදුරු රෝගය තුරන් කිරීම වෙනුවෙන් 2024 වසර තුළ විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බවයි.

අපේ රටේ සාමාන්‍යයෙන් ලාදුරු රෝගීන් 1,500ක් 2,000ක් අතර පිරිසක් වාර්තා වෙනවා. මෙයින් 10% ක් පමණ වයස අවුරුදු 14 ට වඩා අඩු දරුවන්. සෑම වර්ෂයකම මේක වාර්තා වෙද්දි ලාදුරු තියෙන ළමයින් සොයා ගැනීමෙන් පමණක් අපිට ලාදුරු තුරන් කිරීම අපහසුයි. ළමයින්ට තවත් ළමයෙකුගෙන් ලාදුරු බෝවෙන්නේ නෑ. ළමයින්ට හැදෙන ලාදුරු 90% ක්ම බෝ නොවන ලාදුරු. ළමයින්ට බෝවෙන්නේ වැඩිහිටියන්ගෙන්. මේ වසරේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. දෙමව්පියන්ගේ පැත්තෙන් හෝ පවුල්වල ලාදුරු නෑ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම තියෙනවා නම් ඒ අය ලාදුරු පරීක්ෂාවකට ඇවිල්ලා සමේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම ආරම්භ කළොත් අපිට පුළුවන් ඉක්මනින් ළමයින්ට ලාදුරු බෝවීම නැති කරන්න.

2023 වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 173 දෙනෙකු දරුවන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලාදුරු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 315 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles