Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

‘ප්‍රභාෂ්වර’ අවලංගු නොකළේ නම් – එළවලු අඩුවට ගන්න තිබුණා…

එළවලු මිල ගණන් ඉහළ යාමේ තත්ත්වය මේ වන විට බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. ඇතැම් එළවලු මිල තලපත් මාළු කිලෝවක මිලද ඉක්මවා ගොස් ඇති ආකාරයක් නිරීක්‍ෂණය කළ හැකියි.

කැරට් කිලෝවක මිල මේ වන විට රුපියල් 3000 සීමාවට ආසන්න වී ඇති අතර, සෙසු එළවලුවල මිල ගණන්ද 1000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වෙළඳපොල තොරතුරු අනාවරණ කළා.

මේ වන විට එළවලු මිල ඉහළ යාම සම්බන්ධයෙන් වැදගත් කාරණා කිහිපයක් හේත් වී ඇති බව ද නිරීක්‍ෂණය කළ හැකියි. පලදාව අඩුවීම, රජයේ අසාර්ථක ප්‍රතිපත්ති හා ඒ මත ගොවිජනතාව තුළ ඇතිවන පීඩනය,වෙළඳපොල අකාර්යක්‍ෂමතාව සහ එළවලු මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා වූ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි කාරණා එම සාධක ලෙස හදුනාගත හැකිය.

මේ අතර ලෝකයේ බොහෝ රටවල් එළවලු ගබඩා කර තැබීමේ මධ්‍යස්ථාව භාවිතයට ගැනීම තුළ එළවලු මිල ස්ථාවරය පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. අතිරික්ත නිෂ්පාදන මෙම ගබඩාවල තැන්පත් කෙරෙන අතර, එළවලු හිඟ කාලවල ඒවා වෙළඳපොලට නිකුත් කිරීම සාර්ථක ක්‍රියාර්ගයක් ලෙස හදුනාගත හැකියි. මැලේසියාව,චීනය, දකුණූ කොරියාව, වැනි රටවල් මෙම ක්‍රමය ඔස්සේ සාර්ථක ප්‍රතිපල අත්කර ගෙන තිබෙනවා.

2015 වසර පසු කාලයේ මෙවැනිම ව්‍යාපෘතියක් දඹුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට එවකට යහපාලන රජය කටයුතු ආරම්භ කළා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා මූලික කාර්යභාරයක් ඉටුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

ඔහු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ප්‍රකාශ කර සිටියේ මෙ.ටො.5000 ක් ගබඩා කළ හැකි මෙම ව්‍යාපෘතිය ප්‍රභාෂ්වර ලෙසින් ආරම්භ කළ බවයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී තිබුණේ නම් අද වන විට එළවලු සම්බන්ධයෙන් මෙතරම් ගැටළුවක් ඇති නොවන බව ද ඔහු අවධාරණය කළා.

එම ව්‍යාපෘතිය පසුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ පාලනය විසින් අත්හර දැමූ බවද තෙතමනය හා උෂ්ණත්වය පාලනය කිරීමේ මෙවැනි මධ්‍යස්ථානයක වැදගත්කම සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නොතිබූ බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles