අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3 ක පිරිසක් ජපානයේ වෘත්තීය අවස්ථා සඳහා යොමු කිරිමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලට අදාළව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසනවා.
මේ යටතේ තෝරා ගන්නා අයදුම්කරුවන්ට ජපන් භාෂාව ඉගැන්වීමේ වැඩසටහන් ආරම්භ කිරීමට ද නියමිතයි. විදෙස් රැකියා ලබාදීමේදී වැදගත්වන මූලික සුදුසුකම සම්පාදනය කර දීම මෙම පාඨමාලාවේ අරමුණ වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.