Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ඉන්දියාව කුමක් කළත් ජවිපෙ විරුද්ධ වෙන එකක් නෑ…

ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ඉන්දිය සංචාරය සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා අදහස් පලකළා. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකළේ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සද් ජන රළ’ රැස්වීම් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. එය පැවැත්වුණේ ගිරිතලේ ප්‍රදේශයේදීයී.

මම දැක්කා අනුර කුමාර දිසානායක ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඒක හොදයි. නමුත් පහුගිය කාලෙ ජනතා විමුක්ති පෙරමුණ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලා. ඉන්දියාවෙන් අපේ රටට ආව ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වෙලා මේ රටට අහිමි කලා. සාම්පූර් බලාගාරය ඊට හොදම නිදසුනක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිල්ලා තියෙනවා.

ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජනවලට එකගත්වය පල කරයි කියලා හිතනවා. ඒ නිසා මේ රට ගොඩ නැගීම සදහා අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කරමු. ඒ සදහා කටයුතු කරන්න සදධන්තයින් තමයි ඔයාලා. ඒ නිසා මේ රටට වගකියන ජනතාවට වගකියන කෙනෙක් අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles