Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

ඉන්දියාව සම්බන්ධයෙන් ස්ථාවරය කියන්නැයි අනුරට අභියෝග…

ලෝකයේ ඕනෑම රටක දේශපාලන පක්‍ෂ හා සංවිධාන විවිධ රටවල නායකයින් සමග සාකච්ඡා කිරිම සාමාන්‍ය දෙයක් බව ද ඒ අනුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය ද සාමාන්‍ය කාරණාවක් බව ද ජනඅරගල ව්‍යාපාරය පවසනවා.

එහි නියෝජිත සහ අන්තරේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදළිගේ මහතා මේ බව කියා සිටියේ කොළඹදී මාධය හමුවක් කැඳවමින්.

ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාව සමඟ සාකච්ඡා කළ බව කී සැණින් එය අමුතු දෙයක් ලෙස හිතන්නට අවශ්‍ය නැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය සමඟ මතුවන ගැටළූ කිහිපයක් ඇතැයි ද ඒ අනුව ඉන්දියාව සම්බන්ධ ස්ථාවරය වහාම පැවැසීමට ජවිපෙ ඇතුළු නායකයින් කඩිනමින් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා. ඉන්දීය විදේශ ඇමැතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාව කුමක් ද යන්න සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සහිතව රටට පැවැසිය යුතු බව ද කුච්චවේලී ඉල්මනටිට් නිධිය, දෙරට යා කරමින් තෙල් නළයක් එලීම සහ මාර්ගයක් ඉදිකිරීම යන කාරණා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මේ මොහොතේ රටට පැහැදිලි කළ යුතු බව ද වසන්ත මුදලිගේ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles