Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

පාකිස්තාන මහ මැතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි – දැවැත්න ආරක්‍ෂාවක්…

පාකිස්තාන මහ මැතිවරණයට අදාළ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණය වන අතර, මෙවර මිලියන 128 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළා.

පාකිස්තාන මහ මැතිවරණයට සමගාමීව, පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙන අතර, මහ මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 266 දෙනකු තෝරා පත් කර ගැනීමටයි. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පන්ජාබ් සිං, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා පළාත් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටයි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ‘’ පක්ෂය දැඩි ලෙස මර්දනයට ලක් කර තිබෙන පරිසරයක මැතිවරණය පැවැත්වෙන අතර, මෙවර මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නායකත්වය දරණ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු වන 35 හැවිරිදි බිලාවල් බූතෝ නායකත්වය දරණ පාකිස්තාන ජනතා පක්ෂයයි.

2008 වසරෙන් පසු පාකිස්තාන ජනතා පක්ෂය මැතිවරණ ජයක් අපේක්ෂා කරමින් සිටිනවා. එමෙන්ම මැතිවරණයට අදාළව සිරභාරයේ සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ද ඡන්දය ප්‍රකාශ කළ බව එරට වාර්තා පැවැසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles